භෞතික විද්‍යාව

විෂය නිර්දේශය 2017

GCE A/L භෞතික විද්‍යාව යනු කුමක්ද?

විශ්වයේ පවතින මූලික සංඝටක, ඒවා එකිනෙකා අතර ක්‍රියාත්මක වන බල සහ එවැනි බලවල ප්‍රතිඵල පිළිබඳ ගවේෂණ කරනු ලබන විද්‍යාව භෞතික විද්‍යාවයි. සියලු ම ස්වාභාවික සංසිද්ධි සහ විද්‍යාවේ අනෙකුත් සෑම ක්ෂේත්‍රයක ම මූලය වන්නේ ද භෞතික විද්‍යාවයි. එහෙයින්, භෞතික විද්‍යාව අධ්‍යයනයත්, භෞතික විද්‍යාඥයින් භාවිත කරන ක්‍රමවේද සහ ඇගයීම් පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමත්, කවර හෝ විද්‍යා ක්ෂේත්‍රයක නියැළෙන ශිෂ්‍යයෙකුට වුව ද අත්‍යවශ්‍ය වේ. අ.පො.ස. (උසස් පෙළ) භෞතික විද්‍යා විෂය නිර්දේශය උසස් අධ්‍යාපනයට මෙන් ම රැකියා ලෝකයට පිවිසෙන සිසුන්ට අවශ්‍ය මූලික පදනම සපයයි.

මෙතැනින් භෞතික විද්‍යාව සඳහා නිල විෂය නිර්දේශ මාතෘකා සහ නොමිලේ පසුගිය ප්‍රශ්න පත්‍ර බලාගන්න.

අරමුණු

  1. 1.තාක්ෂණික ලෝකයේ දී ආත්ම විශ්වාසයෙන් යුතු පුද්ගලයෙකු ලෙස ජීවත් වීමට ප්‍රමාණවත් දැනුම සහ අවබෝධය ලබා ගනියි.
  2. 2.එදිනෙදා ජීවිතයේ දී විද්‍යාත්මක ක්‍රමවේදයේ ප්‍රයෝජනවත් බව සහ එහි සීමා හඳුනා ගන්නා අතර එහි භාවිත අගය කරයි.
  3. 3.එදිනෙදා ජීවිතයේ දී භෞතික විද්‍යාව අධ්‍යයනයට සහ භාවිතයට අදාළ හැකියාවන් හා කුසලතා වර්ධනය කර ගනියි.
  4. 4.නිරවද්‍යතාව, සූක්ෂ්ම බව, වාස්තවික බව, විමර්ශනශීලී බව වැනි විද්‍යාවට අදාළ ආකල්ප දියුණු කර ගනියි.
  5. 5.පරිසරය පිළිබඳ ඇල්ම සහ සැලකිලිමත් බව වර්ධනය කර ගනියි.

විෂය නිර්දේශය

#මාතෘකාවපාඩම් කාල
1මිනුම30
2යාන්ත්‍ර විද්‍යාව110
3දෝලන හා තරංග100
4තාප භෞතිකය60
5ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය20
6ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රය60
7චුම්භක ක්ෂේත්‍රය40
8ධාරා විද්‍යුතය70
9ඉලෙක්ට්‍රොනික විද්‍යාව40
10පදාර්ථයේ යාන්ත්‍රික ගුණ40
11පදාර්ථය සහ විකිරණ30

පසුගිය ප්‍රශ්න පත්‍ර

භෞතික විද්‍යාව සඳහා A/L පසුගිය ප්‍රශ්න පත්‍ර 2ක් තිබේ, අ.පො.ස. (උසස් පෙළ) 2025 සිට අ.පො.ස. (උසස් පෙළ) 2026 දක්වා.

මූලාශ්‍රය: ජාතික අධ්‍යාපන ආයතනය (NIE), ශ්‍රී ලංකාව